Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වනිදු හසරංග ලෝකෙන්ම දෙවෙනි තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

නිමාවට පත් වූ ශ්‍රී ලංකා – පාකිස්ථාන විස්සයි-20 තරගාවලියේදී පන්දු යැවීමෙන් දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් වනිඳු හසරංග මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවූ වනිඳු, ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 2 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

වනිඳු ඉදිරියට පැමිණියද, ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රබල පන්දු යවන්නන් දෙපළක් වන මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර නවතම ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමකට ලක්ව ඇත.

නුවන් තුෂාර 13 වැනි ස්ථානයේ සිට 22 වැනි ස්ථානය දක්වාත් මහීෂ් තීක්ෂණ 20 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වාත් පසුබැස ඇත.

Related posts

හුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

மெட்ரொ ரெயில் நிலைய சுரங்கப்பாதைக்குள் புகுந்த பேருந்து – 4 பேர் பலி

Mohamed Dilsad

Fair weather will prevail over Sri Lanka today

Mohamed Dilsad

Leave a Comment