Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ උපවාසයක් අරඹති…

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ අද (15) දහවල් ආහාරය වැළඳීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාරය මගින් ත්‍රිකුණාමලය වරාය පොලිසියට දැනුම් දී තිබෙනවා.

ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය මගින් ඊයේ (14) බන්ධනාගාර ගත කෙරුණු කස්සප හිමියන් අද (15) දින දිවා ආහාරය ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාරය දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලිසිය පැවසුවා.

මේ අතර කරුණු කිහිපයක් මුල් කරගනිමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි බන්ධනාගාරය තුළ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන බව උන්වහන්සේගේ සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබා තිබුණි.

Related posts

චෝදනාවලට පිළිතුරු දෙන තෙවරප්පෙරුම

Mohamed Dilsad

75 වන නිදහස් සැමරුම් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

Mohamed Dilsad

ட்ரம்ப் – புதின் சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment