Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් අල්ලස් කොමිෂම ට

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද (05) පෙරවරුවේ අල්ලස් කොමිෂම වෙත පැමිණ තිබේ.

පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳව අල්ලස් කොමිෂම විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව එම සිද්ධියට අදාළව එවක රජය සමයේදී කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අල්ලස් කොමිෂම හමුවට කැඳවා තිබුණි.

Related posts

Cocaine pallets recovered from Brazilian woman arrested at BIA

Mohamed Dilsad

Transport bus catches fire: 17 injured and hospitalised

Mohamed Dilsad

‘ඉදිරි දින 10දී තෙල්-ගෑස් ගැටලුවට විසඳුමක්ලු’

Mohamed Dilsad

Leave a Comment