දේශීය

‘ඉදිරි දින 10දී තෙල්-ගෑස් ගැටලුවට විසඳුමක්ලු’

(UTV | කොළඹ) – ඉන්ධන හා ගෑස් අර්බුදයට ඉදිරි දින 10 තුළදී යම් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

එම වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරියේදී ජනතාවට ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් දස දෙනා සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණු ප්‍රකාශ කළ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා කීය.

රටේ වර්තමාන තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා එම ප්‍රශ්න විසඳීම පිළිබඳ ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට පොරොන්දු වූ බව ද එල්ලාවල මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම, පාසල් අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් – ලංකා ගුරු සංගමය

Editor O

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment