දේශීය

හෙට සිට සතියම පාසල් නිවාඩු

(UTV | කොළඹ) – 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද දින එනම් 2022.07.03 දින පැවැත්වූ සාකච්ඡාවේ දී, පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන 2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය තුළ දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරනු ලැබේ.

Related posts

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්

Editor O

සෙව්වන්දි වගේ කෙනෙක් අත්අඩංගුවට

Editor O

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි උපරීම මුදල

Editor O

Leave a Comment