Trending Newsඑසැන පුවත්දේශීය

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව, අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ සඳහන් කළාය. “විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට, ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනාධිපතිතුමා විසින් දුප්පත් පවුල් සඳහා රු 50,000ක ආධාර මුදලක් ලබාදෙන බවට පණිවුඩයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා.

මේ සබැඳියන් ඔස්සේ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මේ සබැඳියන් අවහිර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් අප යොදා තිබෙනවා. මේවා ව්‍යාජ සබැඳියන් වෙනවා. මේවා ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දුනහොත් ඔබගේ බැංකු ගිණුම්වලට අනවසර ප්‍රවිශ්ඨයන් වීම, ඊමේල් ගිණුමට තුන්වන පාර්ශවයක් ඇතුළු වීමෙන් බොහෝ කරදර සිදුවිය හැකියි.

එනිසා පෞද්ගලික තොරතුරු ලබානොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.”

Related posts

මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත පොලීසියේ 17 ක් මාස හතරක දී සේවයෙන් නෙරපයි.

Editor O

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

அமெரிக்காவின் சுதந்திர தினத்திற்கு இலங்கை வாழ்த்து

Mohamed Dilsad

Leave a Comment