Trending Newsඑසැන පුවත්දේශීය

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිෂමට පැමිණිලි කරයි.

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ටෙන්ඩරය පිළිබඳව යළි විමර්ශන අරඹන ලෙස ඉල්ලමින් වෘත්තීය ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට අද (8) පැමිණිලි බාර දුන්නා.

අදාල සිද්ධීන් වාර්තා වී වසර ගණනාවක් ගත වී තිබුණත් නිසි පරිදි විමර්ශන සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති ඖෂධ නියාමන අධිකාරි දත්ත වංචාව සහ ඊට සම්බන්ධ අනුබදෙත සමාගමක් හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංකය පාලනය කරමින් යළි රට තුළ නිර්මාණය වෙමින් පවතින පාස්පෝට් හිඟයට මූලික වූ පාස්පෝට් ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඉන් රජයට සිදුවී ඇති අලාභයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

රටේ ක්‍රියාත්මක වූ පැරැණි පාස්පෝට් ක්‍රමය වෙනුවට විද්‍යුත් පාස්පෝට් ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත්හිදී ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් අතර වූ ගැටලුවක් මත මේ දක්වා විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති අභියාචනා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවද නිර්දේශ දී ඇති අතර දැනට මේ සම්බන්ධව අධිකරණමය කටයුත්තක් ද ආරම්භ වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

Related posts

அரசியல் பரபரப்புக்கு மத்தியில் தற்போதும் விஷேட பேச்சுவார்த்தை

Mohamed Dilsad

67 ஓட்டங்கள் வித்தியாசத்தில் பாகிஸ்தான் வெற்றி

Mohamed Dilsad

நாடு முழுவதும் சுவசரிய அம்புலன்ஸ் வண்டிகள் சேவையில்

Mohamed Dilsad

Leave a Comment