Trending Newsඑසැන පුවත්දේශීය

මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත පොලීසියේ 17 ක් මාස හතරක දී සේවයෙන් නෙරපයි.

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.

“පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතකරන පුද්ගලයින් අපි විසින් හඳුනා ගැනීමක් සිදුකරනවා. ඒ හඳුනාගත් නිලධාරීන්ට විරුද්ධව අපි තදින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වන විට එවැනි පුද්ගලයින්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය  හරහා පොලිස් නිලධාරීන් අපි නිරන්තරයෙන් අපි අධීක්ෂණයකට ලක්කරනවා. ඒ හඳුනාගත් ලැයිස්තුවක් පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමුකිරීමක් සිදුකරලා තියෙනවා. ඒ අනුව ඔවුන් වෛද්‍ය පරික්ෂණයට යොමුකරලා, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදුකරලා තියෙනවාද කියන කරුණ තහවුරු වුණොත් ඔවුන් පොලිස් සේවයෙන් අපි ඉවත්කරනවා. ඒ අනුව මේ වනවිට 17 දෙනෙකු පොලිස් සේවයෙන් ස්ථිර වශයෙන්ම පහකිරීමක් සිදුකරලා තියෙනවා. වැඩතහනම් කිරීමක් නොවේ පොලිස් සේවයෙන් පහකිරීමක් අපි සිදුකරලා තියෙනවා. ඒ වගේම තවත් නිලධාරීන් ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව වෛද්‍ය පරික්ෂණ මගින් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා තහවුරු වුණොත් ආයතන සංග්‍රහයට අනුකූලව ඔවුන් පොලිස් සේවයෙන් පහකිරීමට අපි කටයුතු කරනවා.”

Related posts

Gnanasara Thero granted bail

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් වෙයි

Mohamed Dilsad

SLN Marines – US Navy continue post relief missions

Mohamed Dilsad

Leave a Comment