Trending Newsඑසැන පුවත්දේශීය

ලබන සතියේත් විදුලි කප්පාදුවක්

මෙගාවොට් 1,105ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතුකර නොතිබීම නිසා ලබන සතියේදී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

2021සහ 2023 දෙසැම්බර් මාසවලදීද මේ අකාරයේම විදුලිය බිඳ වැටීමකට ලක්වූ බවත්,ඒ අනුව,තමා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය දරන සමයේදී 2022 වසරේ මාර්තු මාසයේදී “මහජන විභාගයක්“ සිදුකළ බවත්,එය සිදුකළේ 2021 වසරේ සිදුවූ විදුලි කප්පාදුවට හේතු සෙවීමට බවත්,එහිදී එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීමට ගතයුතු ක්‍රමවේද නිර්දේශකර තිබූ බවත් ඔහු කීවේය.

එම නිර්දේශ ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කළද ඒවා සම්බන්ධයෙන් පසුගිය වසර තුනක කාලය තුළදී කිසිදු තැකීමක් සිදුකර නැතැයිද හිටපු සභාපතිවරයා පැවසීය. පසුගිය වසර තුනක කාලය තුළදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 277 ක අධික ලාභයක් ලබා තිබියදීත්,මේ වන විට මෙගාවොට් 1,100 ක ධාරිතාවකින් යුතු නොරොච්චෝලේ විදුලි බලාගාරය ඇතුළු තවත් විදුලි බලාගාර විශාල සංඛ්‍යාවක් විවිධ හේතු මත ජාතික පද්ධතියට සම්බන්ධ කර නැතැයිද ඔහු කියා සිටියේය.

Related posts

மட்டக்களப்பு நோக்கிய புகையித போக்குவரத்து தொடர்ந்தும் பாதிப்பு

Mohamed Dilsad

Kalinga Indatissa appointed new BASL President; Kaushalya Nawaratne as Secretary

Mohamed Dilsad

Couple hit by train while taking selfie in Kahawa

Mohamed Dilsad

Leave a Comment