දේශීය

බදුල්ල මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වයෙකු යටතට

(UTV| බදුල්ල) – බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස්වයෙකුගේ පාලනයට යටත් කර ඇත.

පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කළේ, නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

බදුල්ල මහ නගර සභාවේ පුරපතිවරයා ඇතුලු සභාව විසින් අයථා කිසිවක් කර ඇතිද යන්න මාස 03 ක් අතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරු එච් එම් ආර් අනුර කුමාර මහතා පත් කර ඇති බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.

 

Related posts

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

මෙරටට පැමිණෙන සියලු තානාපති නිලධාරීන්ට PCR වාර්තාව අනිවාර්ය කරයි

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි කැඳවීමට දින තීන්දුයි

Mohamed Dilsad

Leave a Comment