Trending Newsඑසැන පුවත්දේශීය

වේදිකාවට කැඳවා මරණ සහතික දෙයි; ඡායාරූපත් ගනී : සහකම්පනයෙන් තොර රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් දොළුවෙන් හමුවෙයි….!

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන්  මරණ සහතික නිකුත් කිරීමේ දී වේදිකාව මතට කැඳවා එම සහතික ලබාදීමේ අනුවේදනීය හා සහකම්පනයෙන් තොර සිදුවීමක් මධ්‍යම පළාතේ දොළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙන් වාර්තා වෙයි.

, දොළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, මාවීකුඹුර ග්‍රාමයේ  සහ ගඟ ඉහළ කෝරලේ, උඩහේන් තැන්න දෙමළ විදුහලේ, සුරක්ෂිත කඳවුරේ පැවති ජංගම සේවාවමෙලදී කී සහකම්පනයෙන් තොර සිදුවීම වාර්තාවෙයි.

තෑගි ප්‍රදානය කරන උත්සව මෙන් මරණ සහතික බෙදාදීම මියගිය පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට කරන බරපතළ අපහාසයක් බව විචාරකයන් පෙන්වා දෙයි.

වඩාත් අවාසනාවන්ත තත්ත්වය නම් ජායාරූප ගෙන අවසන් වනතුරු ද සහතිකලාභියාට රැඳෙන්න සිදුවීමය.

මරණ සහතික ප්‍රදානය කිරීම සඳහා ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් සහ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද, ප්‍රාදේශිය දේශපාලන අධිකාරියද සම්බන්ධ වී සිටිබවට වාර්තා වෙයි.

.

Related posts

ශ්‍රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.

Editor O

Elon Musk sued for libel by British Thai cave rescuer

Mohamed Dilsad

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?

Editor O

Leave a Comment