Trending Newsඑසැන පුවත්දේශීය

වේදිකාවට කැඳවා මරණ සහතික දෙයි; ඡායාරූපත් ගනී : සහකම්පනයෙන් තොර රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් දොළුවෙන් හමුවෙයි….!

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන්  මරණ සහතික නිකුත් කිරීමේ දී වේදිකාව මතට කැඳවා එම සහතික ලබාදීමේ අනුවේදනීය හා සහකම්පනයෙන් තොර සිදුවීමක් මධ්‍යම පළාතේ දොළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයෙන් වාර්තා වෙයි.

, දොළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, මාවීකුඹුර ග්‍රාමයේ  සහ ගඟ ඉහළ කෝරලේ, උඩහේන් තැන්න දෙමළ විදුහලේ, සුරක්ෂිත කඳවුරේ පැවති ජංගම සේවාවමෙලදී කී සහකම්පනයෙන් තොර සිදුවීම වාර්තාවෙයි.

තෑගි ප්‍රදානය කරන උත්සව මෙන් මරණ සහතික බෙදාදීම මියගිය පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට කරන බරපතළ අපහාසයක් බව විචාරකයන් පෙන්වා දෙයි.

වඩාත් අවාසනාවන්ත තත්ත්වය නම් ජායාරූප ගෙන අවසන් වනතුරු ද සහතිකලාභියාට රැඳෙන්න සිදුවීමය.

මරණ සහතික ප්‍රදානය කිරීම සඳහා ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් සහ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද, ප්‍රාදේශිය දේශපාලන අධිකාරියද සම්බන්ධ වී සිටිබවට වාර්තා වෙයි.

.

Related posts

Tonga Parliament building flattened by Cyclone Gita

Mohamed Dilsad

கொழும்பில் புத்தளத்து மக்கள் பேரணி : ஜனாதிபதி, பிரதமரிடம் மகஜர் கையளிப்பு…(PHOTOS)

Mohamed Dilsad

පිරිවැය ආවරණය වන විදුලි ගාස්තුවක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment