Trending Newsඑසැන පුවත්දේශීය

පිරිවැය ආවරණය වන විදුලි ගාස්තුවක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම අරමුදලේ සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම මස 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින එම දූත පිරිසට මූල්‍ය අරමුදලේ ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෑතකදී බලපෑ  සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ හානිය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමයි. සුළි කුණාටු හානිය හේතුවෙන් මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධා පිළිබඳව ද මෙහිදී රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වන සහාය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ද මෙහි අරමුණකි.

විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් පවත්වාගෙන යාම මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් බව කොසැක් මහත්මිය මෙහිදී සිහිපත් කළාය.

පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් මගින් මෙරට මූල්‍ය තිරසරභාවය සහතික කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයට පාඩු නොලබා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට මෙලෙස ගාස්තු සංශෝධනය කිරීම වැදගත් වේ.

මෙරටට පැමිණෙන දූත පිරිස මේ සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇත

Related posts

Lithuanian Premier to quit in election upset

Mohamed Dilsad

Prime Minister offers prayers at Kollur Temple

Mohamed Dilsad

බැසිල්ට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment