Trending Newsඑසැන පුවත්දේශීය

ආගම මුල්කරගෙන පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට, වෛරය, ජාතිවාදය වපුරන්න එපා – පොහොට්ටුවෙන් ජනාධිපතිට දැනුම්දීමක්

ආගම මුල් කරගනිමින් ජනතාව අතර වෛරය පතුරවන ප්‍රකාශ සිදු කර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත්, ජනාධිපති අනුර දිසානායක කුප්‍රකට සිල් ප්‍රකාශය සිදුකළේ සිංහල ජනතාව නොව උතුරේ දෙමළ ජනතාව කුපිත කිරීමට විය හැකි යැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. .

පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීවේය.

පොහෝ දිනයන්වලදී ඇතැමුන් පෙහෙවස් සමාදන් වීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට පැමිණෙන බවත් එයින් පෙන්නුම් කරන්නේ සීලය නොව වෛරය බවත් ජනාධිපතිවරයා යාපනයේදී ප්‍රකාශ කර ඇතිි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ රටේ මෙන්ම වෙනත් රටවලද බැතිමතුන්ට තමන්ගේ කැමැත්ත පරිදි ආගමික ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ ආගමික කටයුතු සිදු කිරීමට අයිතියක් තිබෙන බවත් එය අවහිර කිරීමට හෝ එය තහනම් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩක් නැති බව කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයෙකුට තබා සාමාන්‍ය පුද්ගලයෙකුටවත් ඕමන්ත මුරපොළින් ඔබ්බට යා නොහැකිව පැවති රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නිසා වර්තමාන ජනාධිපතිවරයාට කොට කලිසමක් ඇඳගෙන යාපනේ පාරක පයින් යෑමට හැකි තත්ත්වයක් උදාව ඇතැයි ද සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

තව වසර කිහිපයක් අනුර දිසානායක ජනාධිපති ධුරය දැරුවද ද නැවත ජවිපෙ ගෑවුණු අයෙකුටවත් මේ රටේ ජනාධිපති වීමට නොහැකි වනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

Related posts

ஒரு நாளுக்கு மேல் நாயை கட்டிப்போட்டால் 6 மாதம் சிறை?

Mohamed Dilsad

“Northern economy to be linked to exports via its robust youth” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

National Economic Council discussed the current status of the economy with stakeholders and academia

Mohamed Dilsad

Leave a Comment