Trending Newsඑසැන පුවත්දේශීය

කොටපොල සමූපකාරයෙන් අන්ත පරාජයක් ලැබූ මාලිමාව, ප්‍රතිඵළයට එරෙහිව විරෝධයක | ප්‍රජාතන්ත්‍රවාදීව බලය අතහැරීමට අකමැති මාලිමාව

මාලිමා හිතවාදී කණ්ඩායමක් පාලනය කළ සීමා සහිත කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ පැවති නිලවරණයෙන් මාලිමාව අන්ත පරාජයක් ලැබීමෙන් පසු, මාලිමා හිතවාදී කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් එම පරිශ්‍රය ඉදිරිපිටදී අද (19) පැවැත්විණි.

සමිතියේ පාලන බලය දූෂිත පාර්ශ්වයක් වෙත නතු කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළහ. 

මෙහිදී අදහස් දැක්වූ පිරිස් චෝදනා කර සිටියේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් ව්‍යාජ ලෙස ඡන්ද ලේඛන සකස් කර අක්‍රමවත් ලෙස මෙම ජයග්‍රහණය ලබාගෙන ඇති බවයි.

විරෝධතාවයේ නිරත පිරිස විසින් මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් සමුපකාර කොමසාරිස්වරයා වෙත යොමු කරන ලද සංදේශයක් ද බලධාරීන් වෙත භාර දෙන ලදී. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, ප්‍රාදේශීය මට්ටමේ කුඩා සමුපකාර සමිතියක පාලන බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හුවමාරු කර ගැනීමට අසමත් වන මාලිමා හිතවාදීන්, ඉදිරි ජාතික මැතිවරණයකදී කෙසේ හැසිරෙනු ඇතිද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පවතින බවයි.

පරාජය හමුවේ බලය පැවරීමට අකමැති වීම සහ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රශ්න කිරීම වැනි හැසිරීම් ජාතික දේශපාලනය තුළ මොන වැනි බලපෑමක් ඇති කරනු ඇත්දැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිති.

Related posts

නිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිට

Mohamed Dilsad

வாழைத்தோட்டம் துப்பாக்கி சூட்டு சம்பவம்- ரய்னா கைது

Mohamed Dilsad

දුමින්දට සමාව දීම ඇමරිකාවේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment