දේශීය

බැසිල්ට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල් යයි

(UTV | කොළඹ) – හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර ප්‍රදානය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 2292 ක පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල විය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා, එම අමාත්‍යාංශය හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

Related posts

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Mohamed Dilsad

අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Mohamed Dilsad

Leave a Comment