Trending Newsඑසැන පුවත්දේශීය

බී ලූණු වගාකරුවන්ට සහතික මිලක් නොදෙන ආණ්ඩුවට, කිසිදු ප්‍රතිපත්තියක් නැහැ – විපක්ෂ නායක

බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි පැවසීම තුළ ආණ්ඩුවේ දෙබිඩි බව පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඒ අනුව ජනතාවත් ගොවියාත් මංමුලා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අණ පනත් හරහා පත් කරන බව පැවසුවද අද වන විට තෙත් වී රු. 90ට විකිණීමට සිදුව ඇති බවත් ඇතැම් වී ගබඩා විවෘත කර නොමැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එදා සමඟි ජන බලවේගය විසින් පොහොර මිටිය රු.5000ට දෙන බව පවසද්දී මාලිමාව හෙක්ටයාරයකට රු. 25,000ක් ලබා දෙන පොරොන්දුවට ජනතාව ජන්දය දුන්නද මේ වන විට සහන මිලට බීජ,පොහොර නොමැති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

Related posts

No toxic material found in milk packets distributed at JO mass protest – Govt. Analyst

Mohamed Dilsad

No cost increase with the new tariff scheme

Mohamed Dilsad

ගුවන් සේවා දෙකක් යළි මෙරටට ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment