උමා ඇළ වාරි ව්‍යාපාරයේ පේරවැල්ල අමුණ සහ බෝඹුරු ඇල්ල වාරි ඇළ පිළිසකර කිරීමෙන් පසු, මහ කන්නය සඳහා දියවර නිකුත් කිරීම ඊයේ (17) අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දියවර නිකුත් කළ අමාත්‍යවරයා, මංගල දියවර විවෘත කරන මොහොතේ පිරිත් පැන් මුට්ටියක් අමුණට හෙළමින් සාම්ප්‍රදායික ආගමික වතාවත්වල නිරත විය.
වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම උමා ඇල ව්‍යාපෘතිය මගින් උඩරට එළවලු වගාවට 65% ක පමන දායකත්වයක් ලබා දෙන වාරි ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මෙම කටයුත්ත අවසන් කරන ලදි.
