Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට සොයයි….

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇත.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (03දා) නිකුත් කරන ලද වරෙන්තු නියෝගයකට අනුවය.

වීරවංශ මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අලුයම කාලයේ හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස මෙන්ම බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය ද පරීක්ෂා කර තිබේ. 

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා එම ස්ථාන දෙකේම සිට නොමැති බව වාර්තා වේ. 

නිලධාරීන් විසින් අදාළ ස්ථානවල සිටි පවුලේ සහ කාර්යාලයේ සාමාජිකයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව ද සඳහන් වේ.

Related posts

அரச உத்தியோகத்தர்களுக்கான புதிய சுற்றறிக்கை…

Mohamed Dilsad

ලබන වසරේ සිට නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

Editor O

Former Kalutara Pradeshiya Sabha Chairman sentenced to 5-years in prison

Mohamed Dilsad

Leave a Comment