Trending Newsඑසැන පුවත්දේශීය

ලබන වසරේ සිට නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

ලබන වසරේ සිට නීතිඥවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණ වෙත නඩු ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

2026 වසරේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊ -නඩු ගොනු කිරීමේ පද්ධතිය ( e- filing system) අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් නීතිඥවරුන්ට මාර්ගගත ආකාරයට නඩු ගොනු කිරීමට හැකියාව ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එමගින් වඩාත් කාර්යක්ෂම හා තාක්ෂණය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියක් සඳහා ශක්තිමත් ඩිජිටල්  පදනමක් ස්ථාපිත කර තිබෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

නීති වෘත්තිකයන්ගේ සහ මහජනතාවගේ පහසුව වැඩි දියුණු කරමින් දිවයින පුරා විහිදී තිබෙන අධිකරණ වෙත මෙම ඊ නඩු ගොනු කිරීමේ පද්ධතිය ක්‍රමයෙන් ව්‍යාප්ත කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Related posts

Showers expected in five provinces

Mohamed Dilsad

Premier to step down today

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் இடைக்கால அறிக்கை இன்று ஜனாதிபதிக்கு

Mohamed Dilsad

Leave a Comment