Trending Newsඑසැන පුවත්දේශීය

කොත්මලේ, රම්බඩගම නායයෑමක් ; 50කට අධික පිරිසක් පස් යට සිරවෙයි

කොත්මලේ, රම්බඩගම ආසන්නයේ නායයෑමක් දෙකක් 27 රාත්‍රි සහ 28 දා අලුයම, එකම ස්ථානයේ සිදුව ඇතැයි ජනතාව සඳහන් කරති.

නුවරඑළිය – පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම ගම්මානය මැද කොටස මෙලෙස නායගොස් තිබේ.

පුද්ගලයන් විශාල පිරිසක් එම පස් කන්දට යටවන්නට ඇතැයි ගම්වැසියන් සඳහන් කරති. අනතුරට ලක්වූවන් බේරා ගැනීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ද වාර්තා වේ.

මේ වනවිටත් එම ප්‍රදේශයට විදුලිය නොමැති අතර, දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී ඇත.

පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් එම නායයෑම හේතුවෙන් එම ස්ථානයේ සිරවී ඇති අතර, එම පිරිස මුදාගැනීමට සහය ලබාදෙන ලෙස ජනතාව ඉල්ලා සිටිතිි .

එම ස්ථානයට ළඟාවිය හැකි මාර්ග සියල්ල අවහිර වී ඇති බවත්, මේ දක්වා සහන සේවා කණ්ඩායම් හෝ බලධාරින් එම ස්ථානයට පැමිණ නැති බවද වාර්තා වේ.

Related posts

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම පිරිසක් දිවයිනට

Mohamed Dilsad

3G, 4G services shut down in Bangladesh ahead of elections

Mohamed Dilsad

பொலிஸாரின் விடுமுறைகள் காலவரையின்றி இரத்து

Mohamed Dilsad

Leave a Comment