Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියානු ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කළ ආහාර ඇතුළු ආධාර තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද(29) අලුයම කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා විය.

ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා විය.

සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) ඇතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් එම ආධාර බාරගත්හ.

Related posts

SLFP to hold discussions with JVP

Mohamed Dilsad

Showers to further enhance, Met. Dept. says

Mohamed Dilsad

Cabinet opposes implementing death penalty

Mohamed Dilsad

Leave a Comment