Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ සේවකයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාකරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ පාර්ශ්වකාරියකට අදාළ සිතාසියක් නීත්‍යානුකූල නොවන ලෙස භාර දෙමින් එම සිතාසියේ සඳහන් නඩු දිනය කල් දමා දෙන බවට පොරොන්දු වී ඇත.

අදාළ කාර්ය සඳහා සැකකරු එම කාන්තාවගෙන් රුපියල් 3,500ක අල්ලසක් ඉල්ලා ඇති අතර එම අල්ලස් මුදල් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

Related posts

அமைச்சரவை மாற்றம் என்றதும் அமைச்சர் றிஷாட் பதியுதீன் அமைச்சு மாற்றம் என கோஷமிடும் மு.கா வின் பக்தர்கள் !!!

Mohamed Dilsad

Egyptians protest against President Fattah al-Sisi

Mohamed Dilsad

National Sports and Physical Fitness Promotion Week declared

Mohamed Dilsad

Leave a Comment