Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළිය ගෙන්වූ ඇස් බෙහෙතින් ඇස් අන්ධ වෙලා නෑ..- සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව දන්වා ඇත.

එකී ඖෂධය පිළිබඳ කරන ලද විමර්ශනවලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා 13/11/2025 දිනැතිව ඉහත ඖෂධය නිසා ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත ලිපියක් යවමින් ඉහත සඳහන් අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටිආබාධයට හේතුවක් නොවන බව සඳහන් කර ඇත. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  සඳහන් කළේ මෙම අක්ෂ දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මේ දක්වා අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවයි. මේ බව අවසාන වරට නිකුත් වූ විගණන  වාර්තාවෙන්ද තහවුරු වී ඇති අතර මෙම සමාගමට එරෙහිව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවද සඳහන් කළේය.

ඇස් ආබාධ තත්ත්වයට පත් වූ අනෙකුත් රෝගීන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

China lifts ban on trade of rhino horn, tiger parts

Mohamed Dilsad

අද හා හෙට බැංකු විවෘතයි

Mohamed Dilsad

මූල්‍ය ආයතනයක් හරහා රු කෝටි 990ක වංචාවක්

Mohamed Dilsad

Leave a Comment