Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පිළිබඳ වාර්තාවක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මාතලේ පොලිස් කොට්ඨාසයෙන් පැමිණිලි තුනක් ලැබී ඇති බවත් එය මේ වන විට වාර්තා වී ඇති වැඩිම පැමිණිලි සංඛ්‍යාව බවත් සඳහන් කරයි.

සෙසු ඒවා කැබැතිගොල්ලෑව, පොළොන්නරුව හා මොණරාගල පොලිස් කොට්ඨාස වලින් ලැබී ඇතැයිද මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අපේක්ෂකයන්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම, දේශපාලන පක්ෂ ප්‍රවර්ධන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම, වියළි ආහාර බෙදා දීම, වීදි ලාම්පු අලුතින් සවිකිරීම ආදිය සම්බන්ධයෙන් පැමිණි ලැබී ඇතැයි එම කොට්ඨාසය සඳහන් කරයි.

ඊයේ දිනයේ වාර්තා වූ පැමිණිලි පහත පරිදි වේ,

1) මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් වසමේ මාතලේ දඹුල්ල මාර්ගයේ අළුවිහාරේ සිට පලාපත්වල මංසන්ධිය දක්වා මාර්ගයන්හි අපේක්ෂකයින්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2) මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ කයිකාවල සිට රත්තොට දක්වා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

3) මාතලේ පොලිස් කොට්ඨාසයේ රත්තොට පොලිස් වසමේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ අපේක්ෂකයින්ගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

4) කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ මැදවච්චිය පොලිස් වසමේ වියළි ආහාර බෙදා දීමක් සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මැදවච්චිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

5) පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ පොළොන්නරුව පොලිස් වසමේ අපේක්ෂකයෙකු විසින් ප්‍රධාන මාර්ගයේ වීදි ලාම්පු අලුතින් සවි කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොළොන්නරුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

6) මොනරාගල පොලිස් කොට්ඨාසයේ මොනරාගල පොලිස් වසමේ විහාර මාවත, මොනරාගල මාර්ගයේ අපේක්ෂකයෙකුගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මොනරාගල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

“Enactment of the new Counter Terrorism Bill timely” – Saman Rathnapriya

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 1558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

சில இடங்களில் 100 மி.மீக்கும் அதிகமான பலத்த மழைவீழ்ச்சி

Mohamed Dilsad

Leave a Comment