Trending Newsඑසැන පුවත්දේශීය

ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම්ට එරෙහි, පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ විභාගය කල් යයි.

පාස්කු ඉර්දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බුම්බකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වලට වසන් කළේ යැයි චෝදනා ලබා සිටින දෙමටගොඩ ,මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූලි මස 02 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබීය.

එහිදී නඩුවේ දෙවන සාක්ෂිකාරිය වශයෙන් නම්කර තිබූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ නිවසේ මෙහෙකාරිය වශයෙන් සේවය කළ තැනැත්තිය විදේශගත වී ඇති බව අනාවරණය වුණි. 

තවත් සාක්ෂිකාරියක විදේශගත වීමේ අවධානමක් පවතින බවත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ කියා සිටියාය.

ඒ අනුව අදාළ සාක්ෂිකාරිය වෙත යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා මෙම තැනැත්තිය විදේශගතවීමට අදාළ වාර්තා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ඉල්ලකළ මරා ගැන මැරෙන බෝම්බ කරුවන් වන ඉන්සාබ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන යන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

විසඳුම් දුන්නාට බදියුදීන් ඇමතිතුමාට ස්තුතියි – ගොවි සම්මේලනයේ සභාපති

Mohamed Dilsad

ඩොලරයේ අද තත්ත්වය

Editor O

Beedi leaves meant to be smuggled to Sri Lanka seized in Tamil Nadu

Mohamed Dilsad

Leave a Comment