Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාමික රණවිරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක

විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුමේදී අද (24) පැවැත්වින.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන් රැසක් සහභාගි වූහ.

සිය විශ්‍රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ලෙසද, විරෝධතාවයේ යෙදුන පිරිස ඉල්ලා සිටියහ.

විරෝධතාවෙන් අනතුරුව පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් ඔවුන් වැළැක්වීමට උත්සාහ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

Related posts

Theresa May summons Cabinet to decide Syria response

Mohamed Dilsad

Kevin Pietersen to quit English cricket to concentrate on conservation work

Mohamed Dilsad

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරියෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment