Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාමික රණවිරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක

විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුමේදී අද (24) පැවැත්වින.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන් රැසක් සහභාගි වූහ.

සිය විශ්‍රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ලෙසද, විරෝධතාවයේ යෙදුන පිරිස ඉල්ලා සිටියහ.

විරෝධතාවෙන් අනතුරුව පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් ඔවුන් වැළැක්වීමට උත්සාහ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

Related posts

Sangakkara to lead MCC tour to Pakistan in 2020

Mohamed Dilsad

மின்சார சபையின் பணிப்பாளர் சபை இன்று கோப் குழுவிற்கு..

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සමත්ව, 06 ශ්‍රේණියට වෙනත් පාසල් අපේක්ෂාවෙන් සිටින සිසුන් වෙත විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment