Trending Newsඑසැන පුවත්දේශීය

උපාධිය ගැන පළවන වාර්තා අසත්‍යයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහා ම අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව ත් සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැළියේදී රටට ම දැකගත හැකිවනු බව ද, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වන දා උත්තර ලැබේවි”

Related posts

‘Kanjipani Imran’ appeals against his sentence

Mohamed Dilsad

ජනාධිපති ලේකම් ලෙස කුමානායක පත් කරයි.

Editor O

VAT on imported Fabric reduced from tomorrow

Mohamed Dilsad

Leave a Comment