Trending Newsඑසැන පුවත්දේශීය

ජංගම දුරකථන සාමාන්‍ය ඇමතුම් සහ ඩේටා සඳහා ලොවෙත් නැති

මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයෙකුට අන්තර්ජාල පහසුකම් (Data) සඳහා 20.3% ක සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් (Voice) සඳහා 38% ක බද්දක් අයකරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සභාපති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ එම කරුණු අනාවරණය කළේය.

කාරක සභාවේ සභාපතිවරයා රුපියල් 100ක් රීලෝඩ් කළ විට බදු වශයෙන් කොපමණ මුදලක් අයකරන්නේදැයි විමසූ විට, අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ, බදු අය කිරීම පාරිභෝගිකයා එම මුදල භාවිතා කරන ස්වභාවය අනුව වෙනස් වන බවය.

ඒ අනුව අන්තර්ජාලය (Data/Broadband) භාවිත කරන විට, Effective Tax එක 20.3% ක් පමණ වන අතර සාමාන්‍ය ඇමතුම් (Voice) භාවිත කරන විට, Effective Tax එක 38.4% ක් බදු ගෙවීමට සිදුව තිබේ.

අධ්‍යක්ෂ හඳපාන්ගොඩ වැඩිදුරටත් සඳහන් කළේ, “ඩේටා වලින් කතා කරනවානම් රුපියල් 100කින් 20.4% ක් අඩුවෙනවා. එතකොට රුපියල් 80ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්” බවයි.

Related posts

මහනුවර දිස්ත්‍රික්කය – වත්තේගම නගර සභාව

Editor O

ஜனாதிபதியின் தீர்மானத்திற்கு எதிரான மனுவின் தீர்ப்பு இன்று(13) 4 மணிக்கு

Mohamed Dilsad

Government to go ahead with Uma Oya Project

Mohamed Dilsad

Leave a Comment