Trending Newsඑසැන පුවත්දේශීය

සංචාරකයන් මිලියන 3 ගෙන්නන්න බැරි වුණේ ගුවන්තොටුපොළේ ඉඩ මදිවී, ගුවන් ගමන් 30-40 අවලංගු කළ නිසා – සංචාරක නි. අමාත්‍ය මහාචාර්ය රුවන්

කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තය පුළුල් කිරීම කටයුතු ප්‍රමාද වීම නිසා මේ වසරේ සංචාරක පැමිණීම් මිලියන 3 ක ඉළක්කයට ළඟා වීමට නොහැකි වනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

ගුවන් තොටුපල මෙම ගැටළුව හේතුවෙන් ගුවන් ගමන් වාර 30 සිට 40 ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ නිසා මෙම ඉළක්කය මගහැරුනු බවත් ඒ මහතා කියයි. 

නොවැම්බර් 17 වන දින 2025 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2ක කඩඉම පසු කළ බව පැවසු ඔහු 2024 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2 සීමාව පසු කළේ දෙසැම්බර් 26 වන දින බවත් පැවසීය. 

වසරේ ඉදිරි කාලය තුළ සංචාරකයින් 280,000 ක් පමණ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ සංචාරක පැමිණීම් මිලියන තුනක ඉළක්කයට ළඟාවීමට අපහසු වන්නේ සංචාරක ප්‍රවර්ධනයේ අඩුපාඩු හෝ වෙනත් කිසිදු ගැටළුවක් නිසා නොව ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුත්ත අසාර්ථක වීම නිසා බවත් හෙතෙම සඳහන් කරයි.

Related posts

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment