Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනපති රනිල්ට, ඉහළ අධිකරණයක නඩුදාන බව නීතිපති කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) දැනුම් දී තිබේ. රාජ්‍ය මුදල් අවභාවිතය චෝදනාව යටතේ චෝදනා ගොනු කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේ, මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෝසමක් මගින් කර තිබූ ඉල්ලීම අද (19) සලකා බැලුණු අවස්ථාවේදීය.

පැමිණිල්ල විසින් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පියවර ගත්තේය.

Related posts

අතුරලියේ රතන හිමියෝ කොතනද …? මෙන්න විස්තරේ

Editor O

பிலிப்பைன்சில் சக்திவாய்ந்த நிலநடுக்கத்தினால் 11 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

நாட்டு மக்களுக்கு தமது கொள்கைகளை விளக்கவுள்ள சஜித், கோட்டாபய, அநுரகுமார

Mohamed Dilsad

Leave a Comment