දේශීය

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

 

නූලන්ඩ් මහත්මිය ඊයේ (31) රාත්‍රියේ දිවයිනට පැමිණි බව මෙරට අමෙරිකානු තානාපතිනි ට්විටර් සටහනක් තබමින් පැවසුවාය.

 

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 75 ක් සපිරීම සනිටුහන් කිරීම මෙන්ම මෙරට ආර්ථික ස්ථාවරත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සිදුකරන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදීම වික්ටෝරියා නූලන්ඩ් මහත්මිගේ මෙරට සංචාරයේ අරමුණ බව සඳහන්ය.

 

 

Related posts

ශ්‍රී ලංකාවට තවත් ණයක් ලැබෙයි. මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 කින් ඉහළට.

Editor O

මහේලගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අද ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment