දේශීය

අද ගිගුරුම් සහිත වැසි

පළාතෙන්

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඌව පළාතෙන්, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]

Mohamed Dilsad

ලංවීම සේවකයෝ දෙවෙනි දිනටත් අකුරට වැඩ….

Editor O

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්

Editor O

Leave a Comment