දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 10.30ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

 

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයතන වල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ද අද දිනයේ සාකච්ඡා කරන බවය.

 

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය.

Related posts

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

Mohamed Dilsad

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Mohamed Dilsad

Leave a Comment