දේශීය

මහේලගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එම සභාවේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නාමල් රාජපක්ෂ ඉවත්වීමත් සමඟින් පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත් කිරීමෙන් අනතුරුව ජාතික ක්‍රීඩා සභාව සඳහා ද නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කරනු ඇති.

මේ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත්කල ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

මෙහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලැබුවේ කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාමයි. මහානාම පසුගිය ජනවාරි මාසයේදී මෙම කමිටුවෙන් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වුණා.

Related posts

ගෘහස්ථ ගෑස් නෑ – පෝලිම්වල නොසිටින ලෙස දන්වයි

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක්

Mohamed Dilsad

විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්

Editor O

Leave a Comment