Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයකට විපක්ෂයේ දැඩි විරෝධයක්

ප්‍රජා ශක්ති – දිලිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය වහාම හකුලා ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

ප්‍රජා ශක්ති –  දිලිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය නිරීක්ෂණයේදී ගැටලු ගණනාවක් පැණ නගින බව ඔවුන් පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත් පාලන නියෝජිතයින් සතු වගකීම් හා සේවාවන් පක්ෂයක දේශපාලන කාඩර්වරුන් වෙත පැවරීමේ සියුම් වැඩපිලිවෙලක් මේ හරහා ක්‍රියාත්මක වන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසයි.

දේශපාලන පක්ෂයක් විසින් නිර්මාණය කරනු ලබන යාන්ත්‍රණයකට රටේ සංවර්ධනය යටපත් කිරීම ඒකපාර්ශ්වික දේශපාලනමය පාලනයක් සදහා පදනම සැකසීමට දරණ උත්සහයක් වන අතර එය බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මරු පහරක් බව ද ඔවුන් පෙන්වා දී ඇත. 

මේ හේතුවෙන් ප්‍රජා ශක්ති – දිලිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සහ එම වැඩපිලිවෙල වහාම හකුලා ගත යුතු බව විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බලකර සිටී.

Related posts

34 incidents observed over social media – ITSSL

Mohamed Dilsad

EU, other countries urge Govt. to maintain moratorium on death penalty

Mohamed Dilsad

Navy nabs 12 persons for illegal fishing

Mohamed Dilsad

Leave a Comment