Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ටින් මාලු මිල සංශෝධනය කෙරේ

මාලු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය  කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාලු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාලු  උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්ය.

ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාලු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාලු මිල රුපියල් 480ක් විය යුතු බවත් එම අධිකාරිය පවසයි.

ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාලු මිල රුපියල් 240ක් විය යුතු අතර, ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාලු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු බවද සඳහන්.

මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාලු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් මෙම ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

Related posts

අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි [PHOTOS]

Mohamed Dilsad

North Korea to discuss denuclearisation

Mohamed Dilsad

அரச வங்கி ஒன்றில் கொள்ளை

Mohamed Dilsad

Leave a Comment