Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය දෙවනවර කියවීමෙි ඡන්ද විමසීම අද සවස

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ජන්ද විමසීම අද (14) සවස 06ට පැවැත්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

சப்ரகமுவ மாகாணத்தின் பதில் ஆளுநராக ரெஜினோல்ட் குரே நியமனம்

Mohamed Dilsad

சற்றுமுன் வெள்ளவத்தையில் வெடிப்புச் சம்பவம்…

Mohamed Dilsad

නව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට

Mohamed Dilsad

Leave a Comment