දේශීය

නව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට

(UTV | කොළඹ) – දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික සියලුම මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් දැනට වෙළඳපලට නිකුත් කර ඇති මත්පැන් තොග අවසන් කරගැනීමට හෝ ඒවාට ද ස්ටිකරය ඇලවීමට ලබන අප්‍රේල් මාසය වනතෙක් අවසර දෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

මත්පැන් මත අයකරන බදු මුදල් වංචාවකින් තොරව රජයට අයකරගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.

Related posts

වැලි මිලට ගැනීමට නව තාක්ෂණික ක්‍රමවේදයක්

Mohamed Dilsad

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පැමිණි තවත් පිරිසක් සොයා ගැනේ

Mohamed Dilsad

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

Mohamed Dilsad

Leave a Comment