Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා සභාපති, සජබ මන්ත්‍රීවරියකට බැනවැදීම ගැන පොලීසිය ට පැමිණිල්ලක්

ජාතික ජනබල වේගය බලය හොබවන ආරච්චකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට නින්දා සහගත දෙස බැන වැදුනේ යයි සමගි ජන බලවේගයේ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක විසින් පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

බූරුවා මෙතනින් යනවා’ යයි තමන්ට සභාපතිවරයා බැන වැදුනේ යැයි ඇය එම පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.

‘මම කාන්තා නියෝජිතවරයක් විදියට සභාපතිතුමා කතා කළ විදිය හරිම වැරදියි. උඹලගෙ මූසල මූණවල් බලන්න කැමති නෑ. මෝඩ හරක් කියලා බැන්නා. උඹලට එකම ලයිට් එකක්වත් කිසිම ප්‍රතිපාදනයක්වත් දෙන්නෑ. කියලා බැන්නා. අවුරුදු තුනක් ඉඳපල්ල ඔහොම ඉඳගෙන කියලා කිව්වා’

ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් සභාපතිවරයා ගේ නිල කාමරයට ගිය අවස්ථාවේ අයවැයට විරුද්ධව ඡන්දය දීම පිළිබඳව තමන්ට බැන වැදුණු බවද ඇය සදහන් කර ඇත. 

කෙසේ වෙතත් සභාපතිවරයා කියා සිටින්නේ තමන් තදින් කතා කළා මිසා අපභාසයක් ලෙස  කතා  නොකළ  බවය.

Related posts

‘පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණයි’ජනපති

Mohamed Dilsad

Southern Expressway Speed Limit Reduced Due to Adverse Weather

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

Mohamed Dilsad

Leave a Comment