Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්

තමන් කිසිදා මාර්ග හෝ අධිවේගී මාර්ග තැනීමට එරෙහි නොවූ බවත් ඒවා හදන ක්‍රමයට පමණක් එරෙහි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එකල අධිවේගී මාර්ග පහක වියදම එක අධිවේගී මාර්ගයක් සඳහා වැය කළ බවට ද ඔහු චෝදනා කරයි.

නුවර කොළඹ අධිවේගී මාර්ගයට තමන් කිසිදා විරුද්ධ නොවූ බවත් කඩවත මීරිගම කොටසේ පඬු කරඳ ගහේ සිද්ධිය දේවානි ජයතිලක නම් පරිසර නිලධාරිනියක සමග ඇති වූවක් බවත් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

කෙසේ වුව ද අදාළ ගස එවක ආණ්ඩුව ගලවා ඉවත් කළ අතර එම මාර්ගයේ කටයුතු නතර වූයේ ආර්ථික අර්බුදය නිසා බවත් ඒ නිසා චීන සමාගමට විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇති බවත් හෙතම ප්‍රකාශ කරයි.

පෞද්ගලික නාලිකාවක් සමග සාකච්ඡාවකදී ටිල්වින් ඒ බව කීවේය.

Related posts

Malcolm Cardinal Ranjith requests the public to be cordial towards the Muslim community

Mohamed Dilsad

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේදයක්…..!

Editor O

Microsoft’s GitHub blocks Catalan protest app – [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment