Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසා ඇත්තේ, ඇතැම් විශේෂ දක්ෂතා ඇති අය අමෙරිකාව තුළ නොමැති බවය.

ප්‍රවෘත්ති නාලිකාවක් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව අවාධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, මේ වසරේ ආරම්භයේදී ඔහුගේ පාලනය විසින් H-1B වීසා අයදුම්පත් සඳහා ඩොලර් 100,000ක අයදුම් ගාස්තුවක් නියම කිරීමෙන් පසුවය.

මෙම වීසා ක්‍රමය විශාල වශයෙන් භාවිතා කරන්නේ අමෙරිකානු තාක්ෂණික හා නව්‍ය සංස්ථා මගින් විදෙස්වලින් ඉතා දක්ෂ කම්කරුවන් බඳවා ගැනීම සඳහාය.

Related posts

இறால் வளர்ப்பை மேம்படுத்த திட்டம்

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අද

Mohamed Dilsad

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

Mohamed Dilsad

Leave a Comment