Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රථ වාහන ලීසිං පහසුකම් පිළිබඳ මහ බැංකුව ගත් තීරණය

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර ඇත.

එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර තිබේ

Related posts

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළට

Editor O

தகவல் தொழில்நுட்ப ஒப்பந்தத்துக்கு இலங்கை அடித்தளம் – செயலமர்வில் அமைச்சர் றிஷாட் தெரிவிப்பு

Mohamed Dilsad

Leave a Comment