Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රථ වාහන ලීසිං පහසුකම් පිළිබඳ මහ බැංකුව ගත් තීරණය

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර ඇත.

එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර තිබේ

Related posts

“I don’t blame university students for activities of politically indecent groups” – President

Mohamed Dilsad

நெருக்கடி நிலைக்கு உள்ளாகியுள்ள கட்டார் நாட்டில் யுத்தம்?

Mohamed Dilsad

குளியாப்பிட்டிய பகுதியில் ஹொரோயினுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment