Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින මාලිමාවේ ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට එයි :පොලීසිය බලාසිටී

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් මනුවරණ මහතා අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියේය.

අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් පෙනී නොසිටීම මත ඔහුට මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

කෙසේ වෙතත් එම වරෙන්තු නියෝගය නිකුත් කර සතියකට වඩා කාලයක් ඉක්ම ගොස් ඇතත් මන්ත්‍රීවරයා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුව නැත.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පිවිස අයවැය විවාදයට සහභාගි වන්නේ වන්නේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පසුකිරමිනි.

නඩු දෙකකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් වරෙන්තු ඔක්. 29 වෙනිදා වරෙන්තු නිකුත් කර ඇත. .

Related posts

Facebook, Instagram & WhatsApp suffer outages

Mohamed Dilsad

දොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ரோனி லீச்சின் இறுதிக்கிரியைகள் இன்று…

Mohamed Dilsad

Leave a Comment