Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට නිවැරැදි දේශපාලන නායකත්වයක් නැහැ – ඉන්දියාවේ විදේශ ඇමති

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත⁣ා පසුගිය සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූහ.

ඔහු සමග ලක්ෂ්මන් ෆොන්සේකා, චමිත් විජේසුන්දර හා කුසුම් විජේතිලක යන සමගි ජන බලවේගයේ සාමාජිකයන් ගියහ. 

අගමැති හරිනි අමරසූරියගේ ඉන්දීය සංචාරයෙන් පසු විපක්ෂ නායකවරයාට එරට සංචාරයකට ආරාධනා කිරීම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමු වී තිබිණි.

එරට විදේශ ඇමැති එම්. ජයශංකර් හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ‘ලංකාවට නිවැරැදි දේශපාලන නායකත්වයක් නොමැති බවයි.

‘‘ආයෝජකයන් එන්නෙ නැහැ. ආර්ථිකය හොඳ බව පෙනුණට 2028 වසරේ සිට ණය ගෙවන්න වෙනකොට අමාරු වෙනවා.’’ ඉන්දීය විදේශ ඇමැතිවරයා ලංකාවේ අනාගතය ගැන කීවේය. 

ඉන්පසු ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමග කලාපීය ආරක්ෂාව, තරුණ නැගිටීම් ගැන පැයක පමණ කාලයක් කතා කළ විපක්ෂ නායකවරයා එරට සෞඛ්‍ය ඇමැති හමුවූ විට ලංකාවට ඖෂධද ඉල්ලා සිටියේය. 

එරට මුදල් ඇමැති සීතා රාමන්, කොංග්‍රසයේ නායකයකු වන ශෂි කාරුද හමුවූ විපක්ෂ නායකවරයා බ්‍රහස්පතින්දා රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.

Related posts

Agunukolapelessa Prison Assault: Second Committee report today [VIDEO]

Mohamed Dilsad

Associate of ‘Angoda Lokka’ arrested

Mohamed Dilsad

தொழிற்சங்க நடவடிக்கையால் தேங்கியுள்ள கொள்கலன் பரிசோதனைகள் 3 நாட்களுக்குள் நிறைவு

Mohamed Dilsad

Leave a Comment