Trending Newsඑසැන පුවත්දේශීය

වලපනේ සමූපකාර නිලවරණයෙන්, මාලිමාව වළටම වැටේ….

වලපනේ නව විවිධ සේවා සමුපකාර සමිතියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, සමිතියේ අධ්‍යක්ෂ තනතුරු හතම දිනා ගැනීමට පොදු විපක්ෂ කණ්ඩායම සමත් වී ඇත. 

මෙම ජයග්‍රහණයත් සමඟ, සමුපකාර සමිතියේ පරිපාලන බලය සම්පූර්ණයෙන්ම විපක්ෂයට හිමි විය.

වලපනේ නව විවිධ සේවා සමුපකාර සමිති රැස්වීම් ශාලාවේදී පැවති මෙම නිලවරණයෙන්, සමුපකාර සමිතිය සුරැකීමේ සංවිධානය නියෝජනය කළ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

මෙම ජයග්‍රහණයෙන් පසු සමිතියේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ හිටපු සභාපතිවරයකු වන ඩී. එස්. එම්. සුමතිලාල් මහතායි.

තවද, නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස චාල්ස් වැන්ඩවොල් රොබට් තෙන්නකොන්, ඉඳුනිල් ප්‍රියන්ත, විජිත කුඩාගම, ආර්. ක්‍රිෂාන්, ආර්. එම්. මිමුක්ති දර්ශන රත්නායක යන මහත්වරුන් තේරී පත් වූ බව සමිතිය නිල වශයෙන් තහවුරු කළේය.

නව සභාපති ඩී. එස්. එම්. සුමතිලාල් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව ‘සමුපකාර සමිතිය සුරැකීමේ සංවිධානය’ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලය හිමි කර ගැනීමට සමත් වූ බවයි.

Related posts

ஹெலிகாப்டரில் இருந்து குதித்து சைக்கிள் சாகசம்

Mohamed Dilsad

தேர்தல் கட்டுப்பணம் செலுத்துவதில் புதிய திட்டம்

Mohamed Dilsad

மாணவர்களின் பாதுகாப்புக்கு முப்படையினர் உறுதி – கல்வி அமைச்சு

Mohamed Dilsad

Leave a Comment