Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 182.6ක හිගයක්….

මේ වසරේ පළමු මාස 8 තුළ මෙරට ජංගම ගිණුම අතිරික්තයක් වාර්තා කළත් පළමු වරට පසුගිය සැප්තැම්බර් මාසයේදී ජංගම ගිණුමේ හිගයක් වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් මිලියන 182.6 හිඟයක් වාර්තා කර ඇති අතර එය 2024 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2.3 ක වර්ධනයකි. 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ජංගම ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 178.4 ක් විය.

කෙසේ වෙතත් මෙම වසරේ වසරේ පළමු මාස 9 දී සමස්තයක් ලෙස මෙරට ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක අතිරික්තයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂව සියයට 29 ක වර්ධනයක් වූවේය. 

පසුගිය වසරේ පළමු මාස 9දී මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.43 ක් විය.

මෙම වසරේ පළමු මාස 9 තුළ මෙරට වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.17 දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 9 දී මෙරට වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.20 ක් වූවේය.

ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක ඉක්මවීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිගය ඉහළ ගොස් ඇත. එයට ප්‍රධාන වශයෙන් වාහන ආනයන වියදම ඉහළ යාම හේතුවක් වී තිබේ.

Related posts

முன்னாள் பிரதிப் பொலிஸ் மா அதிபர் நாலக டி சில்வா மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

නාවික හමුදාවේ 1,877කට උසස්වීම්

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදානෙන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment