Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 20 ක් සේවයෙන් නෙරපයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් 20 දෙනෙකු රාජකාරීවලින් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

රාජකාරිවලින් ඉවත්කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව වාර්තා වන අතර රාජකාරීවලින් ඉවත්කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත්, අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක්කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද අධිකරණ ආරංචි මාර්ග අනුව දැනගන්නට ඇත.

මෙරට අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරු මෙම පිරිස රාජකාරීවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවත් එල්ල වූ චෝදනාවලට වරදකරුවූවන් විශ්‍රාම ගන්නා වයස ආසන්නයේ සිටී නම් ඔවුන්ට විශ්‍රාම ගැනීමේ විකල්පය ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවද වාර්තා වේ.

වංචා දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා ඇති බවත් පරීක්ෂණයකින් පසුව චෝදනාවලට වරදකරු වන්නන් අගවිනිසුරුගේ සභාපතීත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් රාජකාරියෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවද අධිකරණ ආරංචි මාර්ග අනුව වැඩිදුරටත් දැනගන්නට ඇත.

Related posts

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හෙට සිට වැඩ

Mohamed Dilsad

சமூக வலைத்தளங்கள் கண்காணிப்பு

Mohamed Dilsad

Indian Naval Ship ‘Trikand’ leaves Colombo Harbour

Mohamed Dilsad

Leave a Comment