Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට, මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කරාපිටිය ප්‍රදේශයේ මල්ශාලාවක පැවති අවමංගල්‍යයකට සහභාගීව සිටියදී 24 වෙනිදා රාත්‍රියේ 11.30ට පමණ පුද්ගලයෙක් විසින්, තමන්ට තර්ජනය කර පහරදුන් බවත්, ටික වේලාවකට පසු, මල්ශාලාවේ රථගාලේදී, එකී පුද්ගලයා විසින් තමන්ට නැවත වරක් තර්ජනය කළ බවත්, ඉන් පසු, තමන් බිරිඳ සමග බද්දේගම, පහළකීඹිය තම නිවසට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී, ගොඩකන්ද ප්‍රදේශයේදී යතුරුපැදියේ මග හරස්කර, ඉහත කී පුද්ගලයා, නැවත වතාවක් තමන්ට පහරදුන් බවද, බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී ලියනගේ මහතා රෝහලේ සිට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
මෙම සිදුවීම් මාලාව, 24 වෙනිදා රාත්‍රි 11.30ත් 25දා අලුයම 01.00අතර කාලය තුළ සිදුවී තිබේ.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසියට පැමිණිල්ලක් කර ඇත. පහරදුන්නේ යැයි කියන පුද්ගලයා, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා, සමගි ජනබලවේගයෙන්, පහළකීඹිය කොට්ඨාසයට ඉදිරිපත්වූ අපේක්ෂකයෙකි.
උප සභාපතිවරයාද එම කොට්ඨාසය නියෝජනය කරමින්, කොමියුනිස්ට් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව, සමානුපාතික ලැයිස්තුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවට පත් වූ අතර, ඉන් පසු බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයට නිතරඟයෙන් පත්විය. ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙසද කටයුතු කරන බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මහතා සමසමාජ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාද වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය පරීක්ෂණ පවත්වයි

Related posts

සිංහල අලුත් අවුරුද්දට, ලංකා සතොසෙන් රු. 5,000 බඩු මල්ල රු. 2500ට

Editor O

ஞானசார தேரர் குறித்த முக்கிய தீர்ப்பு இன்று

Mohamed Dilsad

අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment