Trending Newsඑසැන පුවත්දේශීය

හමුදාව බාරයේ තිබූ , උතුරු – නැගෙහිර ඉඩම් අක්කර 672ක් නිදහස් කරයි

උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක්, 2025 වසරේගත වූ කාලය තුළ, නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (23) ඕ බව කීවේය.

එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවද හෙතෙම කීවේය

අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දෙරණට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

Leave a Comment